දේශීය

නැගෙනහිර පර්යන්තය 100 % වරාය අධිකාරියේ පාලනය යටතේ

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය  සියයට සියයක් වරාය අධිකාරියේ පාලනය යටතේ ක්‍රියාත්මක කරන ආයතනයක් ලෙස පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

මෙයට අදාළ පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට අද (01) ඉදිරිපත් කරන බවට අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ බව කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකිමේ වෘත්තිය සමිති එකමුතුව ප්‍රකාශ කර තිබේ. ඒ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්ය.

අදාළ කැබිනට් පත්‍රිකාවේ නිවේදනය හෙට දිනයේ ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව  ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ, සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේය. ඔහු වැඩිදුරටත් අදහස් සඳහ කළේ,

“අග්‍රාමාත්‍යවරයා අපිට දුන්න පොරොන්දුව හෙට දිනයේ ඉෂ්ඨ වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිල නිවේදනය එනතුරු අපේ වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත අරින්නේ නෑ. අපි හෙට දිනයේ දී මේ නිල නිවේදනය අපිට ආවට පසුව අපි වෘත්තීය ක්‍රියාමාර්ග අතහරිනු ලබනවා. ඒ කැබිනට් තීන්දුවේ වෙනදෙයක් තිබුණොත් එහෙම අපි වෘත්තීය ක්‍රියාමාර්ග අතහරින්නේ නෑ. “ යනුවෙනි.

එසේම විෂයභාර අමාත්‍ය රෝහිත අභයගුණවර්ධන මහතා ද මේ පිළිබඳ අදහස් පළ කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *