බඩෝවිට ලොකූ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කළේ යැයි චෝදනා එල්ල වී ඇති ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දළුගොඩ ආරච්චිගේ රජිත අසංක හෙවත් ‘බඩෝවිට ලොකූ’ නැමැත්තා ජාත්‍යන්තර පොලීසිය හරහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (02) විවෘත වරෙන්තු නිකුත් කළේ ය.
එම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා ඇතුළු සැකකරුවන් 16 දෙනා ලබන 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබේ.
ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී අධිකරණ නියෝග පරිදි අද අධිකරණයට ඉදිරිපත් කළ බෝට්ටුකරුවන් දෙදෙනා රහස් ප්‍රකාශ සටහන් කිරීම සඳහා සිය නිල මැදිරියට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා එහිදී බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
