දේශීය

අල්ලස් ගත් වැඩබලන සෞඛ්‍ය පරිපාලකවරයෙකු අත්අඩංගුවට

කෝට්ටේ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩබලන සෞඛ්‍ය පරිපාලකවරයා අල්ලස් කොමිසම කළ වැටලීමකදී අද (03) අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් දස දහසක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේදී සැකකරු දෙල්කඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ‌‌ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණි වීරසූරිය මහත්මිය සඳහන් කළේ.

අල්ලස් කොමිසම සඳහන් කළේ මහා මාර්ගයට කුණු කසල බැහැර කිරීමේ චෝදනා ලැබ සිටින පුද්ගලයෙකුට එරෙහිව නීති මගින් කටයුතු නොකර සිටීම සඳහා මොහු මෙම අල්ලස ඉල්ලා ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *