විදේශීය

ඇමරිකාවේ සංක්‍රමණික නීතිය සංශෝධනය කිරීමට ජනපතිගෙන් උපදෙස්

ඇමරිකාවේ සංක්‍රමණික නීතිය සංශෝධනය කිරීමට ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න් ක්‍රියා කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය ට්‍රම්ප් පාලන සමයේ බෙදා වෙන් කරන ලද සංක්‍රමණික පවුල් යළි එක් කිරීමට කටයුතු කරන ලෙස ජෝ බයිඩන් එරට බලධාරීන්ට උපදෙස් ලබාදී ඒ සඳහා කාර්ය සාධක බලකායක් ද පිහිටුවා ඇති බවයි.

සංක්‍රමණික පවුල්වල දරුවන් සහ වැඩිහිටියන් 5,500 කට අධික පිරිසක් පසුගිය  2017 -2018 වර්ෂවල දී වෙන්කර ඇති අතර ඔවුන් යළි එක් කිරීමට මේ මගින් හැකියාව පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *