කටුනායක ආයෝජන කළාපයේ ගින්න මැඩපවත්වයි
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලාවක ඇති වු ගින්න මේ වනවිට මැඩපවත්වා තිබේ.
අද (03) උදෑසන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සිදුකරන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන තිබුණි.
කටුනායක පොලීසිය සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා ගිනි නිවීමේ ඒකකය, මීගමුව නගර සභාව, පොලීසිය මෙන්ම ගුවන් හමුදාව ද එක් වූ බවයි.
එම කටයුතු සඳහා ගිනි නිවීමේ රථ 08ක් යොදාගත් බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.
අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ කර්මාන්ත ශාලාවේ කසළ පිළිස්සුම් ස්ථානයකින් ගින්න හටගෙන ඇති බවට සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
