දේශීය

පාර්ලිමේන්තු සභාව අද රැස්වෙයි

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාව කතානායක නිල නිවසේදී අද (03) රැස්වීමට නියමිතය.

අද දහවල් 12.30 ට රැස්වෙන පාර්ලිමේන්තු සභාවේදී සාකච්ඡාවට ගැනීමට නියමිතව ඇත්තේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර ඇති නම් පිළිබඳ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමටයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් ස්ථාපිත පාර්ලිමේන්තු සභාවේ සමාජිකයින් වන්නේ අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද හා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරුන්ය.

මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙවත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් ලබන සඳුදා පැවැත්වේ.

පෙරවරු 9.30 ට පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී ඉදිරි පාර්ලිමේන්තු සතියේදී විවාදයට ගැනීමට නියමිත පනත් කෙටුම්පත් හා ඉදිරි කටයුතු පිළිබඳ සලකා බැලීමට නියමිතව ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *