දේශීය

නිදහස් සමරු උළෙල හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරේ

73වන නිදහස් සමරු උළෙල පැවැත්වෙන නිදහස් මාවත , නිදහස් චතුරශ්‍රය ආශ්‍රිත මාර්ග වල  ගමනාගමනය සීමා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර ඇත.

ඒ අනුව හෙට  (04) දිනයේ උදෑසන 6.00 සිට  8.00 දක්වා කාල සීමා තුළ අදාළ මාර්ගවල ගමනාගමනය සීමා කර ඇත.

එසේම හෙට දිනයේ පැවැත්වෙන මෙම නිදහස් දිනයට සමගාමීව පැවැත්වෙන පෙරහුරු අද (03) දිනයේ ද පැවැත්වෙන නිසාවෙන් කොළඹ නිදහස් මාවතේ ප්‍රදේශය තුළ ප.ව. 6.00 සිට පෙ.ව. 1.00 දක්වා ගමනා ගමනය සීමා කර තිබේ.

ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් විශේෂ ඉල්ලා සිටී. ඒ සෑම මංසන්ධියක ඇති රථවාහන පුවරු නීති පිළිපදින ලෙසයි.

ඒසේම නිදහස් චත්‍රරශ්‍රය ආශ්‍රිත මාර්ගයේ පොලිස් යතුරු පැදි සංචාර සිදු කිරිමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *