විදේශීය

බෙබෝ සමාජ මාධ්‍ය ජාලය නැවත ඇරඹීමට කටයුතු

බෙබෝ සමාජ මාධ්‍ය ජාලය නැවත ඇරඹීමට බෙබෝ සමාජ මාධ්‍ය ජාලයෙහි සම-නිර්මාතෘවරයා කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට වසර කිහිපයකට පෙර ජනප්‍රියවෙමින් පැවති සමාජ මාධ්‍ය ජාලයක් වූ බෙබෝ සමාජ මාධ්‍ය ජාලය 2005 වසරේදී ආරම්භ කර ඇත.

2013 වර්ෂයේ දී මෙම ඇමරිකානු සමාජ මාධ්‍ය ජාලය  බංකොලොත්භාවයට පත්වීම නිසාවෙන් නවතා දමා තිබේ.

මෙම බෙබෝ සමාජ මාධ්‍ය ජාලය නැවත ඇරඹීම මගින් ෆේස්බුක් සහ ට්විටර් සමාජ ජාල වෙත තරඟයක් දීම සැලැසුම් කර ඇති බවත් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ආකාරයටම එහි ක්‍රියාකාරීත්වය නිර්මාණය කරන බව මයිකල් බර්ච් පවසා තිබෙන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *