දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි
අද (04) දිනයේ වැසි වාර කිහිපයක් ඌව පළාතේ හා මඩකලපුව, අම්පාර , හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පෙ.ව. 1.00 න් පමණ පසුව සබරගමුව පළාතේ හා කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි හැක.
අද දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් දක්නට ලැබේ.
එසේම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව දැනුවත් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
