දේශීය

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නව සාමාජිකයන්ට පාර්ලිමේන්තු අනුමැතිය

පාර්ලිමේන්තු සභාවේ බහුතර එකඟතාවය මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නව සාමාජිකයන්ට හිමි වී ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී පාර්ලිමේන්තු සභාව නියෝජනය කරමින් සහභාගී වී සිටි බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නව සභාපති ධුරය සඳහා ජනක රත්නායක මහතා නම්කර ඇත.

එම සභාවේ සෙසු සමාජිකයන් ලෙස චතුරිකා විජේසිංහ, මොහාන් සමරනායක, උදේනි වික්‍රමසිංහ සහ මහාචාර්ය ජනක ඒකනායක යන මහත්ම මහත්මීන් පත් කිරීම සඳහා පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය ලැබී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසා තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *