නිදහස් දිනයට සමගාමීව හමුදා නිලධාරීන් පිරිසකට උසස්වීම්
73 වන ජාතික නිදහස් දිනයට සමගාමීව හමුදා නිලධාරීන් 337 දෙනෙකුට හා සෙසු නිලයන් 8,226 දෙනෙකුට උසස්වීම් ලබා දීමට තීරණය කර ඇත.
ඒ අනුව, බ්‍රිගේඩියර්වරුන් 14 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයටත්, කර්නල්වරුන් 23ක් බ්‍රිගේඩියර් නිලයටත්, ලුතිනන් කර්නල්වරුන් 35 දෙනෙකු කර්නල් තනතුරුවලටත් උසස් කරීමට නියමිතය.
එසේම මේජර්වරුන් 34 දෙනෙකු ලුතිනන් කර්නල් තනතුරු වලටත්, කපිතාන්වරුන් 206 දෙනෙකු මේජර් තනතුරුවලටත් උසස් කෙරෙන බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
