වැල්ලම්පිටිය – වෙලේවත්ත ප්‍රදේශයේදී පොලීස් වෙඩි තැබීමකින් සැකකරුවෙකු තුවාල ලබයි
අද (04) දහවල් 12.00ට පමණ වැල්ලම්පිටිය – වෙලේවත්ත ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ දී පොලීසිය විසින් සිදුකරන ලද වෙඩි තැබීමකින් ඔහු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එම ප්‍රදේශයේ නිවෙස්වලට පැන නිවැසියන් බිය ගන්වා රන් මාල කොල්ලකෑමේ සිදුවීම් කිහිපයක් මාස කිහිපයකම සිට වාර්තා වී තිබූ බවයි.
මෙම කොල්ලකෑම් සිදුකරන්නේ සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් බවට පොලීසියට තොරතුරු වාර්තා වී ඇති අතර එම කණ්ඩායමෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා උත්සහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදු වූ බව වාර්තා වේ.
වෙඩි පහරට ලක් සැකකරුවාගේ පාදයකට තුවාල සිදුවී ඇති අතර ඔහුගේ තත්වය බරපතල නොවන බව සඳහන් ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
