ගත වූ පැය 24 තුළ දී නිරෝධායන රීති කඩ කළ16 දෙනෙක් අත්අඩංගුවට
ගත වූ පැය 24 තුළ දී නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම හේතුවෙනි.
පසුගිය ඔක්තොම්බර් මස 20 වැනිදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීති කඩ කිරීම හේතුවෙන් පුද්ගලයින් 2,997 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ බස්නාහිර පළාත තුළ පිහිටා ඇති එළවළු, මත්ස්‍ය වෙළෙඳපොළ සහ සතිපොළ මෙන්ම ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව අඛණ්ඩව තවදුරටත් කොවිඩ් පරීක්ෂණ සිදු කරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
