දේශීය

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

අද (05) ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පෙ.ව. 1.00 න් පමණ පසුව සබරගමුව පළාතේ හා කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක් තදවැසි ද ඇතිවිය හැකි වේ.

උදෑසන කාලයේදී බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබද අවදානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *