ගංජා කිලෝ 18 ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
ඊයේ (05) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළව විශේෂ වැටලීම් කිහිපයක් සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ කැබැතිගොල්ලෑව කඳවුරේ නිලධාරීන් විසින් ඊරට්ටපෙරියකුලම් ප්‍රදේශයේදී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝ 18ක් සොයාගෙන තිබේ.
එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කොළඹ 09 සහ කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
