වැවක ගිලී තරුණයෙකු මරුට
වැවක ගිලී අතුරුදන් වූ තරුණයෙකුගේ සිරුර අද (06) උදෑසන සොයාගත් බව කාත්තාන්කුඩි පොලීසිය පවසයි.
මන්චන්තොඩුවායි හුසයිණියා පල්ලියට යාබද වැවක දැල් ගැට ගැසීම සඳහා ගිය මෙම තරුණයා බෝට්ටුව සමග යා කර තිබූ ඔරුව ජලයේ ගසාගෙන ගොස් තිබේ.
එය අල්ලාගැනීමට තරුණයා උත්සහ කරන අවස්ථාවේදී ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඔහු ජලයේ ගිලී ඇති බවයි පොලීසිය සැක පළ කළේ.
මියගිය තරුණයා මන්චන්තොඩුවායිහි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22 ක තරුණයෙකි.
මොහුගේ සිරුර පශ්චාත් මරණ පර්යේෂණ සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට යොමු කර තිබේ.
වැඩිදුර පරීක්ෂණ කාත්තන්කුඩි පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
