ක්‍රීඩා

IPL වෙන්දේසියට ලංකාවේ ක්‍රීඩකයින් 31ක්

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 1,097 දෙනෙකු ලියාපදිංචි වී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඉන්දීය ක්‍රීඩකයින් 814 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 283 දෙනෙකු ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලැයිස්තු ගත කර ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් 31 දෙනෙකු ද IPL වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී ඇති බව IPL සංවිධායකයින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි.

කෙසේවෙතත් ක්‍රීඩක වෙන්දේසි දිනට පෙර මෙම ලැයිස්තුව කප්පාදු කිරීමට සිදුවන බව තරග සංවිධායකයින් සඳහන් කර තිබේ.

මීටපෙර රෝයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායම නියෝජනය කළ ඔස්ට්‍රේලියාවේ වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් මෙවර ක්‍රීඩක ලැයිස්තුව සඳහා ලියපදිංචි වී නොමැති වීම විශේෂත්වයකි.

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය වසරේ IPL තරඟාවලිය ඩුබායි හිදී පැවැත් වූ අතර මෙවර තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට හැකිවනු ඇති බව තරඟ සංවිධායකයින් මීට පෙර පවසා තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *