දේශීය

ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ නව සභාපති හා අධ්‍යක්ෂක මණ්ඩලයට පත්වීම් ලිපි පිරිනමයි

ජනාධිපතිතුමා විසින් ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ නව සභාපතිවරයා ඇතුළු  අධ්‍යක්ෂක මණ්ඩලය පත්කර තිබේ.

අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ ඊට අදාළ පත්වීම් ලිපි ලබාදීම හා මූලික සාකච්ඡාව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ බවයි.

ඒ අනුව එම කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා පත්කර ඇති අතර නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හිටපු දිස්ත්‍රික් ලේකම්වරයෙකු වන සුනිල් කන්නන්ගර මහතා පත්කර තිබේ.

සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය ඒ.එල්. සුසිරිත් මෙන්ඩිස්, මහාචාර්ය රිස්වි හසන්, මහාචාර්ය එම්. එම්. ඒ. ඩී. එස්. ජේ. නිරිඇල්ල, ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ, නීතිඥ ජනක රණතුංග, නීතිඥ සුගන්ති විජයසුරිය කදිගාමර් ,මනෝ සේකරම්, නීතිඥ ගයන්ති ගීතාංජලී සුමිත්‍රාරච්චි දිසානායක, අප්සාල් මරික්කාර් හා සෙන්දිල් තොණ්ඩමාන් යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.

එමෙන්ම ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ නව අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නීතිඥ තුෂාරී සුරියආරච්චි මහත්මිය පත් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *