දේශීය

බිඳ වැටුණු .lk ඩොමේන් වෙබ් අඩවි යථා තත්ත්වයට

lk ඩොමේන් යටතේ ලියාපදිංචිව ඇති වෙබ් අඩවි වෙත අද (06) උදෑසන සිදු වූ අනවසර ඇතුළුවීම රජයේ වෙබ් අඩවි ඉලක්ක කරගෙන සිදු වූ බව lk ඩොමේන් ලේඛකාධිකාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතා පවසයි.

ප්‍රහාරයට ලක්වූ රජයේ වෙබ් අඩවි ඇතුළු අනෙකුත් වෙබ් අඩවිවල IP ලිපින මාරු කර වෙනත් වෙබ් අඩවියකට පිවිසීමට ඉඩ හැර ඇති බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

මෙම සයිබර් ප්‍රහාරයෙන් වෙබ් අඩවිවල දත්ත සොරාගෙන ඇති බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් වාර්තා වී නොමැති බව ද ඔහු සඳහන් කළේය.

විදුලි සංදේශ කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සමග එක්ව එම ගැටලුව යථා තත්ත්වයට පත්කර ඇති බව මහාචාර්යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *