දේශීය

වත්තලට පැය 18ක ජල කප්පාදුවක්

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට (08)  පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

හේකිත්ත මාර්ගයේ ජල නල පද්ධතියේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.

හෙට පස්වරු 10.00 සිට අඟහරුවාදා (09) පස්වරු 04.00 දක්වා හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදුව මරදාන පාර, ඇලකන්ද යන ප්‍රදේශවලට සහ හැඳල පාරේ කොටසකට ජල සැපයුම් අත්හිටුවීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *