දේශීය

වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුට

කහටගස්දිගිලිය මුකිරියාව ප්‍රදේශයේ හේනක පැල් රකිමින් සිටි පුද්ගලයෙකු වන අලි පහරදීමකින් මියගොස් තිබේ.

ඔහු එම හේනේ අඩි 15 ක් පමණ උස පැලක් තනා පැල් රකිමින් සිට ඇත්තේ තවත් පුද්ගලයෙකු සමගයි.

ඊයේ (07) මැදියම් රැයේ හේනට කඩා වැදුණු වන අලියෙකු පහරදීමෙන් එම පැල කඩා වැටී ඇති අතර එහිදී එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි මුකිරියාව අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *