බස්නාහිර මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 681ක් අත්අඩංගුවට
බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 681 දෙනෙකු ඇතුළු සැකකරුවන් 1,406 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (06) උදෑසන 06.00 සිට පස්වරු 4.00 දක්වා වන කාලය තුළ එම විශේෂ මෙහෙයුම සිදුකළ බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් එම සැකකරුවන් 1,406 දෙනා අතරට අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 44 දෙනෙකු ද අයත් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
