ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තොගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
මහියංගණය රඹකැන් ඔය ආශ්‍රිත අක්කර 5,000 ක භූමි ප්‍රමාණයක් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන එහි බඩ ඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට පවරා දීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී අමාත්‍ය සී බී රත්නායක, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
වසර ගණනාවක් තමන් පදිංචිව සිටින සිය නිජ බිම්වලට අදාළ මෙම බිම් කොටස් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩඉරිඟු වගාකිරීම සඳහා සමාගම් වෙත පවරා දීමට පියවර ගෙන ඇති බවත් එමගින් සිය ජීවනෝපාය අහිමිවී යන බවත් ආදිවාසී නායකයා පෙන්වා දී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
