බස් වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
පෞද්ගලික බස් හිමියන් හෙට (09) දිනයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් සේවා වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටු වීමට තීරණය කර ඇති බවලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කර ඇත.
අද(08) පෙරවරුවේ සිය ගැටලු සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍යා අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මෙම තීරණය ගෙන තිබේ.
ඉල්ලීම් කිහිපයක් මුල්කරමින් මෙම වර්ජනය සිදු කිරීමට සුදානමින් සිටියද, බස්රථ හිමියන්ට පවතින ලීසිං සම්බන්ධ ගැටලුවට රාජ්‍ය අමාත්‍යාවරයා විසින් අද පැවති සාකච්ඡාවේ දී විසඳුමක් ලබාදෙන බවට පොරොන්දු වු බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
