දේශීය

වාහන ජවාරමට සම්බන්ධ 26 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට

කුලී පදනම මත ලබාගන්නා වාහන, අංක තහඩු වෙනස් කර අලෙවි කිරීමේ ජවාරමට සම්බන්ධ 26 හැවිරිදි සැකකරුවෙක් ඊයේ (07) රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය විසින් මෙම පුද්ගලයා අත්අඩංගගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  කියා සිටියේ සැකකරු සන්තකයේ තිබී විවිධ වර්ගයේ මෝටර රථ සහ වෑන් රථ සඳහා භාවිත කරන ගොනු 40 කට ආසන්න සංඛ්‍යාවක් සොයා ගෙන ඇති අතර ඒ අතර අංක තහඩු ලබා ගැනීමට ඉදිරිපත් කරන ආකාරයේ ව්‍යාජ පැමිණිලි පිටපත්, වාහන ලියාපදිංචියට උපයෝගි කර ගන්න ගොනු ඇතුළු ලේඛන තිබී ඇති බවයි.

සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් පිළිබඳව ද තොරතුරු හෙළි වී ඇති අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තිබිය යුතු වාහනයක මුල් ගොනුවක් ද සැකකරු සන්තකයේ තිබී සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

සිදුවීම සම්බන්ධව වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මක වන අතර, වාහනවල ලියකියවිලි තවත් පාර්ශවයක් වෙතට ලබා දීමේ දී ප්‍රවේසමෙන් කටයුතු කරන ලෙස පොලීසිය ජනතාව දැනුවත් කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *