මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට
ඊයේ (07) රාත්‍රීයේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී ගල්කිස්ස සේරම් පාර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් සමගින් පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රොෂේන් නොහොත් “සොබා“ ගේ ගෝලයින් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 90ක්, හෂීෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35ක් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් ද සොයාගෙන ඇති බව වාර්තා වේ.
මේ වන විට බන්ධනාගාර ගත ව සිටින රොෂාන් නොහොත් සොබා විසින් මෙම ජාවරම් මෙහෙයවීම් සිදුකර ඇති බව අදාළ සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.
අදාළ සැකකරුවන් අද (08) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
