නිරෝධායන රීති කඩ කළ තවත් ආයතන 38 හඳුනාගනී
ගෙවුණු පැය 24 තුළ බස්නාහිර පළාතේ පිහිටි රාජ්‍ය හා පෞද්ගලික ආයතන 447 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී නිරෝධායන රීති කඩ කළ ආයතන 38 හඳුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
එසේම නිරෝධායන නීති රීති කඩකරමින් අතර මුව ආවරණ නොපැළඳීම හා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම යන හේතූන් නිසාවෙන් ගෙවුණු පැය 24 තුළ පුද්ගලයින් 15 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව ඉකුත් ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුලදී නිරෝධායන රීති උල්ලංඝණය කිරීම හේතුවෙන් පුද්ගලයින් 3,056 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
