දේශීය

බස්නාහිර ගිලන් රථ හිඟයක් – විසඳුම පිට පළාත්වලින්

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල කොවිඩ් වෛරස ආසාදිතයින් රෝහල්වෙත හෝ ප්‍රතිකාර මධ්‍යස්තානවෙත රැගෙන යාමේ ගැටළුවක් හට ගෙන ඇත.

ඒ අවශ්‍ය පරිදී ගිලන් රථ නොමැති වීම හේතුවෙන් වෛරසය ආසාදිතයින් ලෙස හඳුනාගත් පුද්ගලයින්ට ප්‍රතිකාර සඳහා යාමට ප්‍රමාද වීම සිදුව හේතුවෙනි. එසේම පූර්ණ සුවය ලැබූ පුද්ගලයින්ට නිවෙස් වෙත යාමේ දී ද මෙම ගැටළුව මතු වී තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල වෛරස ආසාදිතයින් රෝහල් කරා රැගෙන ඒමට පිට පළාත්වලින් ගිලන් රථ ගෙන්වා ගැනීමට තීරණය කර ඇති බවයි.

කොළඹ දිස්ත්‍රික්කයේ මහ රෝහල්වලින් ද ගිලන් රථ කොවිඩ් රෝගීන් රැගෙන යාමට මේ වන විටත් ලබා දී තිබේන බවද ඔහු කියා සිටියේය.

සිදුවන ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා පිට පළාත්වල කුඩා රෝහල්වලින් ගිලන් රථ ගෙන්වා ගැනීමට කටයුතු කරන බව හා ඇතැම් කුඩා රෝහල්වල ගිලන් රථ භාවිත නොකර තැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *