කොවිඩ වෛරසය ආසාදිතව පළා ගොස් සැඟවී සිටි යුවළක් පොලීස් භාරයට
කොවිඩ වෛරසය ආසාදිත යුවළක් පළා ගොස් කොස්වත්ත, පොතුඅටවන ප්‍රදේශයේ සැඟව සිටි දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රෝහල්ගත කර ඇත.
සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙන ලද තොරතුරක් මත මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැණින.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා 25 වියේ හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
අදාළ පුද්ගලයා ජා – ඇල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවයේ කළ අයෙක් වන අතර සේවය කළ ස්ථානයේ සිදුකළ PCR පරීක්ෂණයකදී ඔහු වෛරස ආසාදිතයෙක් බවට තහවුරු වීමෙන් පසු මෙලෙස තම බිරිඳ සමග සැඟව සිටිය දී පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
මේ වන විට ප්‍රතිකාර සඳහා අදාළ පිරිමි පුද්ගලයා දංකොටුව රෝහල වෙත යොමු කර ඇති අතර කාන්තාව මාරවිල රෝහල වෙත ඇතුළත් කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රතිකාර ලබා දීමෙන් පසුව ඔවුන්ට විරුද්ධව නිරෝධායන නීතිය යටතේ කටයුතු කිරීමට නියමිත බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
