බරපතළ අපරාධ හා මත්ද්‍රව්‍ය විමර්ශන වේගවත් කළ යුතුයි – නීතිපතිගෙන් පොලිස්පතිට ලිපියක්
බරපතළ අපරාධ හා මත්ද්‍රව්‍ය වැරදි පිළිබඳ අපරාධ විමර්ශන කටයුතු මාස 3 ක කාලයක් ඇතුළත අවසන් කළ යුතු බවට නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.
රටේ අපරාධ පිළිබඳව විවිධ පොලිස් ස්ථානවලින් සහ විවිධ පොලිස් ඒකකවලින් සිදුකරනු ලබන අපරාධ විමර්ශනයන් බොහොමයක් විවිධ හේතුන් මත ප්‍රමාද වීම සහ කඩිනමින් අවසන් කිරීමට නොහැකි වීම දැඩි අවධානයට ලක්විය යුතු කරුණක් බව නීතිපතිවරයා මෙහිදී පෙන්වාදී තිබේ.
අපරාධ විමර්ශනයන කටයුතු නිසියාකාරව හා කාර්යක්ෂමව සිදු නොවීම මෙරට යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීමට බලපා ඇති බව ද නීතිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
