දේශීය

මාර්තු 15 සිට සියලු පාසල් ආරම්භ කිරීමට පියවර

එළඹෙන මාර්තු මස පහළොස් වැනිදා (15) සිට දිවයිනේ සියලුම පාසල්වල සියලු ශ්‍රේණි සඳහා පාසල් අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා සඳහන් කර ඇත.

කොළඹ කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් එම නිර්දේශ ලැබී ඇති අතර, සෞඛ්‍ය බලධාරීන් වෙත යොමුකර ඒ සඳහා අනුමැතිය ලැබුණු පසු පෙබරවාරි 15 වනදා බස්නාහිර පළාතේ බොහෝ පාසල් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ පවත්නා සමස්ත පාසල් 492 න් පැසල් 412ක් පෙබරවාරි 15 සිට ආරම්භ කිරීමට කිසිදු ගැටලුවක් නොවන බව දිස්ත්‍රික් සංවර්ධන කමිටු විසින් නිර්දේශ කර තිබේ.

එසේම මාර්තු 1 වන දා සිට 11 වන දා දක්වා අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ද සියලු කටයුතු සූදානම් කර ඇති බව ද අමාත්‍යවරයා දන්වා ඇත.

අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගය අනතුරුව මාර්තු 15 වැනි සඳුදා සිට සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියට යටත්ව දිවයිනේ සියලු පාසල් සියලුම ශ්‍රේණි සඳහා ආරමිභ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *