මාධ්‍යවේදීන්ටත් කොවිඩ් එන්නත් ලබා දීම අවශ්‍යයි – අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල
ජනමාධ්‍යවේදීන් සඳහා කොවිඩ් මර්දන එන්නත හැකි ඉක්මනින් ලබා දීමට අවශ්‍ය බව කියමින් ඒ පිළිබඳ කටයුතු කරන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කර තිබේ.
රටේ තොරතුරු නිවැරදිව හා නිරවුල්ව ජනතාව වෙතට රැගෙන යන පිරිස ලෙස කටයුතු කරන මාධ්‍යවේදීන්ට ඔවුන් කරන කාර්යය නොකඩවා ඉටු කිරීමට ඔවුන්ට කොවිඩ් එන්නත ලබා දීම වඩාත් සුදුදු බව එහිදී අමාත්‍යවරයා මෙහිදී යෝජනා කර ඇත.
මෙරට සිටින මාධ්‍යවේදීන් සංඛ්‍යාව 6,000 ක් පමණ වන අතර, ඉන් 1,150 දෙනෙකු පමණ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වන බවත් අදාළ මාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක වනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
