බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කරන දිනය යළි වෙනස් වේ
බස්නාහිර පළාතේ පාසල් සැලසුම් කළ පරිදි ලබන 15 වන දා ආරම්භ නොකරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (10) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත.
අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ දිවයිනේ සියලු පාසල් ලබන මාර්තු මස 15 වැනි දා ආරම්භ කරන බවයි.
කෙසේ වෙතත් ඊයේ (09) නිවේදනය කෙරුණේ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව, කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 412 ක් ලබන 15 වැනි දා විවෘත කිරීමට සැලසුම් කර තිබු බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
