බස් රථ ප්‍රවේශපත්‍ර වෙනුවට ඊ ටිකෙටින් සංකල්පය යටතේ ඉලෙක්ට්‍රොනික කාඩ්පතක්
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් බස් රථ ප්‍රවේශපත්‍ර වෙනුවට ඊ ටිකෙටින් සංකල්පය යටතේ ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.
ඒ සඳහා යොදා ගැනෙන මෘදුකාංගයේ සංවර්ධන කටයුතු මේ වනවිට සිදු වෙමින් පවතින බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේය.
එසේම අදාළ කාඩ් පතට රීලෝඩ් මගින් මුදල් බැර කර පෞද්ගලික හා ලංගම බස් රථ සඳහා ගෙවීම් කළ හැකි වනු ඇතැයි නිලාන් මිරැන්ඩා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
