දේශීය

රන්ජන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය පිළිබඳ තීරණය මාර්තු 16 දක්වා කල්යයි

බරපතළ වැඩ සහිත සිව් වසරක සිර දඬුවම් නියමවී සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම පිළිබඳ එළඹෙන මාර්තු 16 වන දා දක්වා කිසිදු පියවරක් නොගන්නැයි, අභියාචනාධිකරණය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යළි නියෝග කර ඇත.

රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් 12 වන දා දක්වා කිසිදු පියවරක් නොගන්නා ලෙසට පසුගිය 5 වන දා අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කර තිබුණි.

අද (11) අභියාචානාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මයාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල හමුවේ රන්ජන් රාමනායක මහතා විසින් ගොනු කර තිබු රීට් ආඥා පෙත්සම කැඳවු අතර එදිනට යළි පෙත්සම සලකා බැලීමට ද අභියාචනාධිකරණය නියෝග කළේ ය.

කෙසේවෙතත් අධිකරණ තීන්දුව ලැබෙන තෙක් රන්ජන් රාමනායක මහතාව පාර්ලිමේන්තුවට නොකැඳවන බව ඊයේ (10) කතානායකවරයා විසින් පාර්ලිමේන්තු සභාවට දැනුම්දුන්නේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *