ටෙක්සාස් මාර්ගයක වාහන 100 ක් එකිනෙක ගැටුණු අනතුරක් – 6 ක් මරුට
ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝර්ට් වර්ත්හි මාර්ගයකදී වාහන 100 කට අධික සංඛ්‍යාවක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
උදෑසන 6.00 ට පමණ වාර්තා වූ මෙම අනතුරෙන් පුද්ගලයින් 65ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තව ද පුද්ගලයින් තිදෙනෙකු පමණ බරපතළ තත්ත්වයේ පසු වන අතර බොහෝ පිරිසක් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
කිහිප දෙනෙකු මෝටර් රථ තුළ සිරවී සිටින බවට ද වාර්තා වී ඇත.
ෆෝර්ට් වර්ත් පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා මෙම අනතුර සිදු වන්නට ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
