දේශීය

මාරක අනතුරකින් 12 හැවිරිදි දැරියක් මරුට

මින්නේරිය ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරකින් පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇත.

පොළොන්නරුව මාර්ගයේ කොතලාවල හන්දියේදී පොළොන්නරුව දෙසට ගමන් කළ ලොරි රථයක් මාර්ගය හරහා ගමන්ගත් දැරියකගේ ගැටී අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 12 හැවිරිදි ගිරිතලේ ප්‍රදේශයේ පදිංචි පාසල් දැරියකි.

අනතුර සිදු කළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මින්නේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *