පාකිස්තානය හා ද.අප්රිකාව අතර 20යි20 තරගයේ පළමු ජය පාකිස්තානයට
පාකිස්තාන කණ්ඩායම සහ සංචාරක දකුණු අප්රිකානු කණ්ඩායම අතර ලාහෝර්හිදී පැවති පළමු 20 යි 20 තරගයෙන් ලකුණු 03 ක තියුණු ජයක් තමන් සතු කර ගැනීමට පාකිස්තාන කණ්ඩායමට හැකි විය.
තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්රිකානු නායකයා ප්රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තාන කණ්ඩායමට ලබා දෙන ලදි.
එහිදී නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 169ක් ලබා ගැනීමට පාකිස්තාන පිලට හැකි විය.
ඉනිමේ ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් එහිදී නොදැවී ලකුණු 104 ක් ලබාගත් අතර පන්දු 64 ක් තුළ තම ශතකයට හයේ පහර 07 ක් සහ හතරේ පහර 06 ක් ඇතුළත් කර ගැනීමට රිස්වාන් සමත් විය.
ලකුණු 170 ක ජයග්රාහී ඉලක්කය සමඟ පිටියට පැමිණි දකුණු අප්රිකානු කණ්ඩායම ලබා ගත්තේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 166 ක් පමණි.
තරග තුනකින් සමන්විත 20යි 20 තරගාවලියේ පළමු ජය පාකිස්තාන කණ්ඩායම තමන් සතු කරගත් අතර තරග එකට බිංදුවක් ලෙස පාකිස්තාන කණ්ඩායම මේ වන විට ඉදිරියෙන් පසුවේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
