අංගොඩ ලොක්කාගේ ඥාතීන් දෙදෙනෙකුගෙන් රුධිර සාම්පල ගනී
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගියේ දැයි නිශ්චිතව සනාථ කර ගැනීම සඳහා ඔහුගේ ඥාතීන් දෙදෙනෙකුගෙන් රුධිර සාම්පල ලබාගෙන තිබේ.
ඉන්දියාවෙන් කළ ඉල්ලීමකට අනුව ඔවුන්ගේ රුධිර සාම්පල ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
2017 වසරේදී කළුතර එතනමඩල ප්‍රදේශයේ බන්ධනාගාර බස් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අංගොඩ ලොක්කා ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරනු ලබයි.
කළුතර එතනමඩලදී බන්ධනාගාර බස් රථයට පහරදීමෙන් රැඳවියන් 5 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මිය ගියහ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
