ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණගේ දේහය අද සුදර්ශියට
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පි ජයලාල් රෝහණ මහතාගේ දේහය අද (13) පස්වරුවේ කොළඹ සුදර්ශි ශාලාවට රැගෙන ඒමට නියමිත ය.
දේහය ඊයේ (12) පස්වරුවේ ගනේමුල්ල කොස්සින්න ශ්‍රී සීලානන්ද මාවතේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබීය.
ඒ මහතාගේ දේහය අද පස්වරුවේ සුදර්ශි ශාලාව වෙත රැගෙන ඒමෙන් පසු හෙට (14) පස්වරුව දක්වා මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කිරීමට නියමිතව ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
