විදේශීය

මධ්‍යම ආසියාවේ භූ කම්පනයක්

මධ්‍යම ආසියාවේ පිහිටි තජිකිස්ථානයෙන් රික්ටර් පරිමාණයේ 6.3 ක ප්‍රබල භූ කම්පනයක් වාර්තා වේ.

එමඟින් හටගත් කම්පන උතුරු ඉන්දියාවට සහ දිල්ලි පුරවරයට ද දැනී ඇති අතර ඇතැම් ජනයා නිවෙස්වලින් ඉවතට පැමිණ ආරක්ෂිත ස්ථාන කරා ගිය බව සඳහන් වේ.

ජම්බු කාශ්මීරයේ ශ්‍රී නගර් නුවරට කිලෝමීටර් 450 ක් ඈතින් ඊයේ (12) රාත්‍රියේ මෙම භූ කම්පනය සිදුව ඇත්තේ පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 74 ක් ගැඹුරින්ය.

කෙසේ නමුත් මෙම භූ කම්පනයෙන් සිදු වූ හානී පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *