කළුතර බන්ධනාගාරයට එවූ මත්ද්‍රව්‍ය පාර්සලයක් සොයා ගැනේ
කළුතර බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කිරීමට තැත් කළ තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබේ.
එහි තිබී ජංගම දුරකතන 03 ක්, ගංජා ග්‍රෑම් 45 ක්, දුරකතන චාජරයක්, දුම්කොළ 04 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 ක් සොයාගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
