දේශීය

මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අංජු නැමැත්තා විසින් මෙහෙය වූ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු පිටකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පිටකොටුව සහ රත්මලාන යන ප්‍රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

පිටකොටුව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 20 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මේ වනවිට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින අංජු නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *