වාහනවල පැති කණ්ණාඩි සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
දෙමටගොඩ ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී සැකකටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පාපැදියකින් ගමන්කර ඇති සැකකරු සැකකටයුතු ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවටගත් සැකකරුගේ පාපැදියේ පිටුපස තිබූ බෑගයක මෝටර් රථවලින් ගලවන ලද පැති කණ්ණාඩි යුගල 16 ක් තිබී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සැකකරු පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකි.
ඊයේ (12) දින කොලොන්නාව ප්‍රදේශයේ විවිධ ස්ථානවල නවතා තිබූ මෝටර් රථවලවලින් මෙම පැති කණ්ණාඩි ගලවා ඇති බවට අනාවරණය වී තිබේ.
එළෙස සොරකම් කරනලද පැති කණ්ණාඩි පංචිකාවත්ත ප්‍රදේශයේ විවිධ ස්ථානවලට අලෙවිකරන බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ සොරකම් කිරීම, සොරකම් කරනලද භාණ්ඩ ප්‍රවාහනය සහ සොරකම් කරනලද භාණ්ඩ භාර ගැනීම ද නීතියට අනුව වරදක් බවයි.
ඒ අනුව අදාළ සැකකරුගෙන් පැති කණ්ණාඩි මිලදී ගත් පිරිස් සොයා විමර්ශන ක්‍රියාත්මක බව ද අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
