නවසීලන්තය දින 03 ක් වැසේ
නවසීලන්තයේ විශාලම නගරය වන ඕක්ලන්ඩ් නගරය දින 03කට වසා තබන බව එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩ්න් නිවේදනය කර තිබේ.
සති 03කට පසු නවසීලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වීමත් සමඟ අග්‍රාමාත්‍යවරිය එම තීරණය ගෙන ඇතිි බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
අවසන් වරට නවසීලන්තයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණේ පසුගිය ජනවාරි 24වන දා වන අතර නිරෝධායනයට ලක්වෙමින් සිටි යුවළක් සහ ඔවුන්ගේ දියණිය කොවිඩ් ආසාදිත බවට ඊයේ (13) පස්වරුවේ හඳුනා ගැණුනි.
මේ දක්වා නවසීලන්තයෙන් වාර්තා වී සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,330 ක් වන අතර එරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 25 ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
