දේශීය

ආදරවන්තයින්ගේ දිනය අදයි – ව්‍යාජ පණිවිඩ සම්බන්ධයෙන් සැලකිළිමත් වන්න

අදට යෙදෙන ආදරවන්තයින්ගේ දිනයේ දී ජංගම දුරකතනවලට ලැබිය හැකි ව්‍යාජ පණිවිඩ සම්බන්ධයෙන් සැලකිළිමත් වන ලෙසට පොලීසිය ජනතාවට දැනුම් දී තිබේ.

ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් ලෙසට හෝ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම පණිවිඩය ලිබිය හැකි බව පොලිස් මාධය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කර ඇති බවට මෙන්ම පෙම්වතා හෝ පෙම්වතිය විසින් වටිනා ත්‍යාගයක් එවා ඇති බවට මෙම පණිවිඩය මඟින් පවසා සිටියි.

එය ලබා ගැනිම සඳහා යම්කිසි මුදලක් තැන්පත් කරන ලෙසට එම පණිවිඩය මඟින් දැනුම් දී සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

වංචනික කණ්ඩායමක් විසින් මෙම කටයුතු සිදු කරන අතර අදාල ත්‍යාගයේ ඡායාරූපයක් ද සමඟ ඊමේල් පණිවුඩ ද මේ ආකාරයෙන් ලැබීමේ හැකියාව ඇත.

එබැවින් මෙවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසට සහ එලෙස මුදල් තැන්පත් කිරීම් සිදු නොකරන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *