පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් 08කට කොවිඩ්
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ 03වන වසරේ ඉගෙනුම ලබන සිසුන් 08 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි තබේ.
අවසන් වසර විභාගයට පෙනී සිටීම සඳහා විශ්ව විද්‍යාලයට පැමිණි සිසුවෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යොමු කර සිදු කළ PCR පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත.
ඒ අනුුුව ඔහුගේ ආශ්‍රිතයින් 46 දෙනෙකු විශ්ව විද්‍යාල පරිශ්‍රයේම නිරෝධායනයට යොමු කරමින් 11වන දා සිදු කළ PCR පරීක්ෂණයෙන් තවත් සිසුන් 07 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වූ බව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධයස්ථානයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ටී.එන්.ඒ. සමරක්කොඩි මහතා සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
