දේශීය

පංචිකාවත්තේදී හෙරොයින් ජාවාරම්කරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු පංචිකාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 20 ක් හා අත්බෝම්බයක් සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මේ අතර වත්තල ප්‍රදේශයේදී කළ තවත් වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 150 ක් හා රුපියල් 9 ලක්ෂ 50,000 ක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් පොලිස් භාරයට ගෙන තිබේ.

පිළියන්දල ප්‍රදේශයේ කළ වැටලීමකින් බඩෝවිට අසංක නැමති සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 146 ක් සමග අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *