දේශීය

වැල්ලවත්තේ ගොඩනැඟිල්ලකින් වැටී පුද්ගලයෙක් මියයයි

වැල්ලවත්ත අංක 17 හැම්ඩීන් පටුමග ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මහල් ගොඩනැඟිල්ලකින් ඊයේ (13) රාත්‍රී 7.40 ට පමණ පුද්ගලයෙකු වැටී තිබේ.

පොලීසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා එම ගොඩනැඟිල්ලේ සේවය කරන අයෙකු නොවන බවට ද තොරතුරු අනාවරණය වී ඇති අතර ඔහුව කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

කොළඹ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ වැල්ලවත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *