ලබන 23 වනදා සිට සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට උපකාරක පන්ති තහනම්
ලබන 23 මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන මාර්තු 10 වනදා තෙක් විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධාන කිරීම සහ මෙහෙයවීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එසේම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම මෙන්ම අනුමාන ප්‍රශ්න ඇතුලත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ බෙදාහැරීම ද තහනම් වනු ඇත.
තව ද විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඊට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම ද තහනම් වේ.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම නියෝග කඩ කරන හෝ උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත හෝ 1911 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දිය හැකි බවයි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
